තමන්ගේ රට පාච්චල් කරලා සතුටු වෙන බක පණ්ඩිතයෝ ලංකාවේ හැර කොහේවත් නෑ..! – විමල්….

October 15, 2023 at 4:32 pm | by emanisa.lk

ඉන්දියාව හඳ ජයගත් අවස්ථාවේ එරට කිසිවෙකු හඳට යාමට පෙර වැසිකිළි හදපන් යැයි අගමැති මෝදිට නොකී බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

එසේම එම විද්‍යාඥ කණ්ඩායම සිය යානය අභ්‍යවකාශගත කිරීමට පෙර කෝවිලට ගොස් පුදපූජා පවත්වන විට එරට කිසිවෙකු මිත්‍යාව යැයි ඊට සිනාසුනේ නැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

එය මානසික උත්තේජනය ගැනීමේ ක්‍රමයක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ඒවා විවේචනය කරන බකපණ්ඩිත සංස්කෘතියක් ලංකාවේ හැර ලොව කිසි තැනක නැතැයි ද සඳහන් කළේය.

ලංකා ක්‍රිකට් කණ්ඩායම පරදින තුරු බැණ වදින්න බලා සිටින මේ අයගේ මුහුණ ලංකාව දිනුවහොත් කළු වන බව ද විමල් වීරවංශ වැඩි දුරටත් කීය.

නිරුවතින් සිටින නිඝණ්ඨයින්ට වන්දනාමාන කරන සංස්කෘතියක් තවමත් ඉන්දියාවේ තිබුණ ද ඒවා ෆේස්බුක් දමා තමන්ගේ ම ජන කොටසකට සිනාවෙන තරුණයින් ඉන්දියාවේ නැතැයි ද ඔහු පෙන්වා දුන්නේ නවය; සැඟවුණු කතාව කෘතියේ ඉංග්‍රීසි සහ රුසියානු පරිවර්තන එළිදැක්වීමේ අවස්ථාවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *