ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය පැතිර යාමත් සමග පෙබරවාරී මාසයේ දී රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇති විය හැකි බවත් පසුගිය අගෝස්තු මස මෙන් දරුණු තත්ත්වය් ඇති විය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
“මේ රෝගීන් ප්‍රමාණය වැඩි වුණා ම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු කිරීම වැඩි වුණා ම නැවත වතාවක් පෙබරවාරි පළමු සතිය දෙවැනි සතිය වෙනකොට රට තුළ රෝගීන් ප්‍රමාණය එකතු වුණා ම දිනපතා මේ ප්‍රමාණයේ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු වුණා ම දිනකින් දෙකකින් ඔවුන් එතැනින් එළියට යන්නේ නෑ. සමහර වෙලාවට සතියක් දෙකක් ඇතුළේ රැඳෙනවා. එහෙම වුණාම අපිට තියෙන්නේ සීමිත ඇඳන් ප්‍රමාණයක් එක්ක අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ දැඩි සත්කාර ඒකකවල නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන්කමක් තියෙනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ අසාධ්‍ය වීම හා මිය යෑමට තියෙන සම්භාවිතාව සාපේක්ෂව අඩු වුණාට රෝගීන් ප්‍රමාණය ඉක්මනින් පැතිර යෑම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක සෙල්ලමකට ගන්න නරකයි. දැන් මේ සියල්ලම හරි කොවිඩ් වසංගතයේ අන්තිම කොනට ඇවිත් තියෙන්නේ අපිට මේ බුස්ටර් එන්නතෙන් ඇති වැඩක් නෑ කියලා. එහෙම වුණොත් එහෙම ඉදිරි සති කිහිපය ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.”
ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීම මන්දගාමී තත්ත්වයක පවතින බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.