තණකොළ වගාව කර්මාන්තයක් ලෙස දියුණු කරනවා…! – මාලිමා මන්ත්‍රී….

May 21, 2026 at 8:16 pm | by emanisa.lk

තණකොළ වගාව කර්මාන්තයක් ලෙස දියුණු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල පවසයි.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා තවදුරට කියා සිටියේ ගොවියන් මුහුණ පා ඇති පීඩනය මෙමඟින් අඩුකර ගත හැකි බවයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ වන විට කෘෂිකර්මන්තයේ විප්ලවයක් සිදු කරමින් පවතින බව ද හෙතෙම සිහිපත් කළේය.

අතීතය දෙස බලන විට රටේ ආර්ථිකය කඩා වැටෙද්දී වී ගොවියා ද පහළට වැටුණු බව පෙන්වා දෙන ඒ මහතා තම රජය යටතේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙන බව කීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පුරන් වූ කුඹුරු නැවතත් අස්වැද්දීමට කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මහ කන්යේ වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකිවූ බවත් සුනිල් බියන්විල වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස