ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් රටට ඩොලර් බිලියන 17ක වාසියක්…!

June 28, 2024 at 7:41 pm | by emanisa.lk

දෙස් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමෙන් රටට ඇමරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් රටට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රී පවසයි.

එමගින් රටට සිදුවන්නේ යහපතක් ද නැතහොත් අයහපතක් ද යන්න ඇමැතිවරයා ප්‍රශ්න කරයි.

විපක්ෂ කණ්ඩායම් කුමක් කීව ද රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගම් නොව රජය බවත් රට එම තත්ත්වයෙන් මිදීම ද ප්‍රකාශයට පත්කරන්නේ රජය බවත් ඇමැති සබ්‍රි වැඩිදුරටත් සඳහන් කරයි.

අද (28) මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *