විදේශ විනිමය ප්‍රශ්නය නිසා ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑම විටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයි ද සඳහන් කළේය.
රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන බව ද හෙතෙම අවධාරණය කරයි.
මේ අතර ණයවර ලිපිවලට ගෙවීම් කිරීමේ දී විශේෂයෙන්ම ඖෂධ සඳහා ප්‍රමුඛත්වය ලබා ගැනීමට කටයුතු කරන්නැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. එසේ නොවුණහොත් රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව ද එම ආයතනය පෙන්වාදී ඇත.
මේ අතර රටේ ඖෂධ සම්බන්ධයෙන් අදහස් පළ කරන රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසුවේ රෝහල්වල දැනට ඖෂධ හිඟයක් නැති බවයි.