ඩොලර් හිඟයෙන් ගල් අඟුරු ආනයනයට බාධා…! දිනකට පැය දෙකහමාරක් විදුලිය කපන්න සූදානම්…!

January 9, 2022 at 6:28 pm | by emanisa.lk

ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බව ද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිඳ වැටෙන බව ද ඔහු කීවේ ය.

මේ අතර ඉදිරියේ දී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 – 9.00 ත් අතර පැය භාගයක පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *