රටේ බලශක්ති අර්බුදය විසඳීම සඳහා තෙල් පිරිපහදුව ගොඩනැඟීමට සිය ආණ්ඩුව කටයුතු කරන බව ජාතික ජන බලවේග විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ඩොලර් බිලියන දෙකහමාරක් පමණ අවශ්‍ය අතර ඒ සඳහා රටවල් තුනක් සමග සාකච්ඡා කරන බවයි.
වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමිනි.
එහි දී කාංචන විජේසේකර ප්‍රශ්න කළේ තෙල් පිරිපහදු ගොඩනැඟීමට ආයෝජනය කරන රට කුමක්ද කියාය.
“අපි ඒ පිළිඳ රටවල් තුනක් සමග සාකච්ඡා කරනවා. ආවට පස්සේ බලාගන්න. අපේ ආණ්ඩුවේ බලශක්ති ඇමැති එක්ක අවසන් ගිවිසුමකට එනවා.”