ඩොලරයේ මිල රූබල් 8000ට වැටුණා…! ලංකාවේ ඩොලරයක් රු. 260යි…! අපි තව ම රුසියාවටත් වඩා හොඳයි…! – එස්.බී…

March 14, 2022 at 10:27 am | by emanisa.lk

1978 සෝවියට් සමූහාණ්ඩුව කැබලි 15කට කැඩුණු අවස්ථාවේ රූබල් 8000ක වටිනාකම ඩොලරයක් දක්වා පහත වැටුණු බව නව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඇමැතිවරයා පවසන්නේ, තවමත් අපේ ඩොලරයේ වටිනාකම රු. 260ක පමණ රැඳී ඇති බවත් තව ටිකක් ඉදිරියේ දී ඉහළ යා හැකි බවත් ය.

රුපියල අවප්‍රමාණ වීමේ අවාසි මෙන් ම වාසි ද ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

පසුගිය සමයේ ආණ්ඩුව නිසි තීන්දු ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය නොරැකුණු බවත් කැබිනට් රහස් එළියට ගිය බවත් එස්.බී. දිසානායක හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *