ඩොලරයේ පහළ යෑම රැවටිල්ලක්… රුපියල් 500ට යන එක වළක්වන්න බෑ…! – නාමල් කරුණාරත්න…

April 29, 2024 at 11:20 am | by emanisa.lk

හොරුන්ට කොමිස්කාරයින්ට රනිල් වැඩ්ඩෙකු බව ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්න පවසයි.

පිට රටින් ණයට ඩොලර් ටිකක් ලැබෙන විට රුපියල ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය පහළ ගිය ද එය විකෘති තත්ත්වයක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට රටේ ණය ගෙවීම නවතා දමා ඇති බවත් ණය ගෙවීම් ආරම්භ කළ විට ඩොලරය රු. 400-500ට යෑම වැළැක්විය නොහැකි බවත් නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

ඩොලරයේ අගය පහළ ගිය ද බඩු මිල අඩු නොවන්නේ මේ විකෘතිය නිසා බව ප්‍රකාශ කළ හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ඩොලරයේ අගය අඩු විය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක් තුළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *