අද දින ශ්‍රී ලංකාවේ පල්ලි සහ හොටෙල් කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා සිය කනගාටුව පළ කර තිබේ.
මෙහිදී අත්වැරදීමකින් මිය පුද්ගලයන් ගණන 138 වෙනුවට මිලියන 138ක් ලෙස ද සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව ප්‍රකාශ කිරීමට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වා තිබීම විශේෂත්වයකි.