ඩුබායි සිට ආ ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටේ දී ම අත්අඩංගුවට….!

February 11, 2025 at 9:29 am | by emanisa.lk

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායිහි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ය.

පොලීසිය සඳහන් කළේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට අදාළව ඔහුව අත් අඩංගුවට ගත් බවය.

මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පොලිසියට බලපෑම් කිරීමේ චෝදනාවක් යටතේ ඔහුට නඩු පවරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *