ඩලස් කණ්ඩායම සජබට එකතු වෙයි…!

September 5, 2022 at 10:38 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව විපක්ෂයේ අසුන්ගත් ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම තමන් සමග එකතු වීම අනිවාර්ය බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

මේ වන විට විපක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති බවත් තව මන්ත්‍රී ධූර 10ක් අහිමි වුවහොත් ආණ්ඩුව පෙරළෙන බවත් තිස්ස අත්තනායක පෙන්වා දෙයි.

තව දුරටත් ජනතාව පීඩාවට පත් කළහොත් ආණ්ඩුව කඩා දමන බවත් හෙතෙම අවධාරණය කළේය.

අනාගතයේ දැවැන්ත සන්ධානයක් ගොඩනැඟනෙ බවත් ඊට ඩලස් අලහප්පෙරුම කණ්ඩායම අනිවාර්යෙන් එකතු වන බවත් තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *