ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ආගමන විගමන පනත උල්ලංඝනය කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සිය පදිංචි නිවසින් අතුරුදන්ව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඊයේ (20) මේ බව දැන්වීය.
අදාළ කාන්තාව මෙම නඩුවේ සැකකාරියක ලෙස නම් කරන ලෙසත් ඇය සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි විමර්ශනවල ප්‍රගතිය වහා ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.