ඩඩ්ලිට පුළුවන් වුණාට පාලන මිලට හාල් දෙන්න අපට බෑ..! – සුළු පරිමාන සහල් නිෂ්පාදකයෝ…

September 29, 2024 at 2:46 pm | by emanisa.lk

පාලන මිලට සහල් ලබා දෙන බවට මහා පරිමාන සහල් නිෂ්පාදකයෙකු වන ඩඩ්ලි සිරිසේන සිදුකළ ප්‍රකාශය නිසා සිය කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි සුළු පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ හිටපු සභාපති, මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසයි.

“අද වී කිලෝවක් රු. 130-132ක් වෙනවා. අපි වී මිලට ගන්නේ සියයට නවයේ පොළියට ණය අරන්. ඒ වගේ වියදමක් දරලා පාලන මිලට සහල් දෙන්න අපට බෑ.

ඩඩ්ලි සිරිසේන ජනවාරි දක්වා පාඩු ටික සහල් විකුණන බව කියනවා. නමුත් සුළු පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ඒක දරා ගන්න බෑ.

වෙළඳුන් ආරක්ෂා කර ගනිමින් පාලන මිලට සහල් ලබා දීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයයි. මේ වගේ කෙටි කාලීන තීන්දු අරගන්නේ නැතිව දිගුකාලීන වැඩපිළිවෙළක් හදන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

අද (29) මරඳගහමුල මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් බී.කේ. රංජිත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *