ටෙලිකොම් ලංකා හොස්පිටල් විකුණා දැමේ…!

March 20, 2023 at 10:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස්  සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට්  අනුමැතිය හිමිව තිබේ.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අදාළ ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව ය.

ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *