ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ්‍රැඩ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ්‍රී ලංකාවට එරෙහිව එරට කොංග්රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය අතුරුදන්වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සමග එක්ව ක්‍රියා කළ යුතු බවත් ත්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවත් දන්වා තිබේ.
ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන 30/1 ජිනීවා යෝජනාවට සමානව කෙටුම්පත් කර ඇති මෙම ඇමෙරිකානු යෝජනාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රජය සතු වධකාගාර ගැන හෙළි කළ යුතු බවයි.
මෙම ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කර ඇති කොන්ග්රස් සභිකයන් දෙදෙනා ජෝ බයිඩන්ගේ ඩිමෝක්රටික් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයට වඩා ඇමරිකානු ජාත්‍යන්තර අතපෙවීම් ඉහළ යන බවට මෙය ඉඟියකි.