ජොන්ස්ටන් ප්‍රනාන්දු අතුරුදන්… අත්අඩංගුවට ගන්න රට පීරයි…!

October 18, 2024 at 12:51 pm | by emanisa.lk

ලියාපදිංචිය නොකරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් නීතිවිරෝධීව තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් අරඹා තිබේ.

මේ වන විට ජොන්ස්ටන් ප්‍රනාන්දු ආගිය අතක් නොමැති අතර දින තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු විසින් සොයමින් සිටියි.

මීට පෙර බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව කැඳවා තිබුණ ද ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ප්‍රකාශයක් ලබා දීමට පැමිණ නැත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මෙරටදී එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් දමා තිබියදී සොයා ගත් අතර මෙම මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවන අතර එහි ව්‍යාජ අංකයක් යොදා පාවිච්චි කර ඇති බවත් හෙළිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *