1977 ජේ.ආර්. ජයවර්ධන මහතා මහජන නියෝජිතයන්ට නිල නිවාස, ඉන්ධන ඇතුළු පහසුකම් ලබා දුන්නේ ඔවුන් මුහුණ දෙන ගැටලු අවබෝධ කරගෙන සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක පෙන්වා දෙන්නේ මහජන නියෝජිතයකුට අදාළ පහසුකම් ලැබිය යුතු අතර හොරකම් වංචා අල්ලස් සඳහා ඇති ඉඩකඩ ඇත්නම් ඒවා ඇහිරිය යුතු බවයි.
මහජන නියෝජිතයකුට ගෞරවණීය ලෙස සිය සේවය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් පුහු ජනප්‍රිය මතවාද නිර්මාණය කර බලය ලබා ගැනීම නොව යථාර්ථය ජනතාවට පැවසීම වැදගත් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
හිරු නාළිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් සුරංග රත්නායක මේ බව කීය.