ජැටිය නොදෙන බව දැනගත් විමල් මාධ්‍ය කැඳවා වීරයෙක් වෙන්න හැදුවා…! – සාගර…

February 9, 2021 at 12:10 am | by emanisa.lk

නැඟෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේ දී ඇමැති විමල් වීරවංශ මුල දී නිහඬව සිටි බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

එහෙත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නැඟෙනහිර ජැටිය ලබා නොදෙන බවට තීන්දුව ගත් පසු වහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ජනතාව ඉදිරියෙහි වීරයෙකු වන්නට උත්සාහ කළ බව ද හෙතෙම පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ නමැති ප්‍රතාපවත් දේශපාලන චරිතය වටා ගොඩනැඟුණු දේශපාලන බලවේගයට උප්පැන්න සහතික ලබා දීමට සමහරු ඉදිරිපත් වුව ද එය මහින්ද රාජපක්ෂ බලවේගය බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කිසිවෙකු මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආවේ තමන් යැයි සිතන්නේ නම් ඔහු යම් මනෝ විකාරයක ජීවත් වන්නෙකු බව ද සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ය.

නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස