ජාතික සම්පත් ආරක්ෂා කර ගනිමින් විදේශ ආයෝජන රටට හිතකර පරිදි සිදු කරගැනීම සඳහා බල කරන පොදු වැඩ පිළිවෙළකට මැදිහත් වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ජාතික සම්පත් විදේශ රටවලට විකුණා දැමීමට එරෙහිව සියලු පාර්ශ්ව ඒකාබද්ධ වූ පොදු වැඩපිළිවෙළක් සකස් කරගැනීමේ අරමුණෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.
මෙම සාකච්ඡාවට වරාය, ඛනිජ තෙල් සහ විදුලි බල ක්ෂේත්‍රයන්හි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති, ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරමින් ඒවායේ නායකයන් හා ක්‍රියාකාරීහු රැසක් සහභාගී වූහ.