රටේ ජාතික සම්පත් විදෙස් සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැමීමට එරෙහි සිය පක්ෂ ස්ථාවරය කිසිසේත් වෙනස්ව නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න පවසයි.
කෙසේ වුව ද ඕනෑම රටක ආයතනයක දැනුම අත්දැකීම් තාක්ෂණය ලබා ගැනීමේ කිසිදු වරදක් නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.
ඉන්දියාවට ගිය සිය පක්ෂ කණ්ඩායම කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නොමැතිව සිදුකරන ගනුදෙනුව සඳහා විරෝධය පළ කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
කෙසේ වුව ද එම ගනුදෙනුව නියමිත ක්‍රමවේදයට සිදුකළ ද තමන් ඊට පක්ෂ බවත් එමගින් ගම්‍ය නොවන බවයි, නාමල් කරුණාරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
දේශීය කර්මාන්ත සහ ගොවිබිම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යටතේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.