රට තුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත් වර්තමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
බන්ධනාගාර තුළ පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රටේ මුහුදු සීමාව ඇතුළු සමස්ත දිවයින පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර, මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යාම සඳහා ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය වීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවද සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය උපරිම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.