ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් දිවයිනට… යහපාලන සමයේ රටින් පළා ගිහින්… ඩුබායි පොලිසිය අල්ලා ලංකාවට භාරදෙයි..!

August 15, 2026 at 9:54 am | by emanisa.lk

ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද සමග ඊයේ (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම සිදුකරන මහා පරිමාණ ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තා 2018 වසරේදී ඩුබායි වෙත පලා ගොස් ඇති අතර අනතුරුව ඔහු එරට ධන කුවේරයෙක් ලෙස සැඟවී කටයුතු කර ඇත.

ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කරන ලද රතු වරෙන්තුවකට අනුව පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් ශිරාන් බාසික් අත්අඩංගුවට ගෙන තිබිණි.

කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට නියමිතය.

දෙහිවල, කළුබෝවිල පදිංචිව සිට ඇති ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර
ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් ඔහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *