ජවිපෙ තර්ජනවලට මම බය නෑ… අනුර වහාම උතුරෙන් සමාව ගනු…! – ජනපති…

September 7, 2024 at 7:42 pm | by emanisa.lk

දකුණේ ජන මතයට එරෙහි වූවන් ලෙස හංවඩු නොගැසී උතුරේ ජනතාව තමන්ට ඡන්දය ලබා දිය යුතු යැයි තර්ජනය කළ අනුර දිසානායක උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2010 මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන විට උතුරේ ජනතාව සරත් ෆොන්සේකාට ද 2019 ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන විට සජිත් ප්‍රේමදාසට ද ඡන්දය ප්‍රකාශ කළ ද දකුණේ ජනතාව උතුරේ ජනතාවට එරෙහිව කිසිවක් නොකළ බවත් ඡන්ද ප්‍රතිඵලය පිළිගත් බවත් ජනාධිපතිරවරයා ප්‍රකාශ කරයි.

එහෙයින් සිංහල ජනතාවගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශයට අනුර දිසානායක දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බව ද හෙතෙම කීය.

අනුර දිසානායක ජයග්‍රහණය නොකරන බව තමන් සහතික කරන බවත් ජවිපෙ තර්ජනයවලට තමන් මීට පෙර බිය නොවූ බවත් ඉදිරියේ දීත් බිය නොවන බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

යාපනේ වඩුක්කෝඩෙයි හි පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *