තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සමග 2010 වසරේ සිට දේශපාලන ඩීල් එකක් පැවති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරයි.
2010 වසරේ දී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සමග තමන්, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවට තරඟ කළ බව ද හෙතෙම පැවසීය.
එම කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සිටි පුබුදු ජාගොඩ සහ දුමින්ද නාගමුව දවස ම ගත කළේ තම කාර්යාලයේ බවත් ඔවුන් මැතිවරණ ප්රචාරක කටයුතු මෙහෙයවන ලද්දේ තම කාර්යයාලයේ සිට බව ද කියා සිටියේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
තමන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දූපතක ආයෝජනයක් කර ඇති බවට වූ චෝදනාව පිළිබඳව තමන් රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්න ද මෙතෙක් ඒ පිළිබඳව දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැති බව ද එහි දී ටිරාන් අලස් තව දුරටත් පැවසීය.