ජවිපෙ ඉන්නේ ඔස්කාර් යවන්න පුළුවන් සුපිරි නළුවෝ… ඇත්ත නළුවන්ට හැරෙන්නත් බෑ…!

September 19, 2025 at 10:11 am | by emanisa.lk

“ඇත්තටම ඔස්කාර් යවන්න ඕනෙ ජවිපෙ මන්ත්‍රීවරු. රගපෑම් අතින් මම හිතන්නෙ ලංකාවෙ වෘත්තීමය නලුවන්ටවත් ජවිපෙ නලුවන් වගේ රගපාන්න බෑ. ඒ අතින් හිටපු පාලකයන් දෙබිඩි ජීවිත රගපෑවෙ නෑ. හොඳ අහන්න හරි බැනුම් අහන්න හරි එලිපිටම හොඳට කාලබීල ජීවත් වුණා. ජවිපෙ නායකයන් අපි කන්නෙ සම්බෝලයි බතුයි. අපියි තුන්වේල බඩට නොකා ජීවත්වෙන ජනතාවයි සමානයි කියමින් ඇස්වලින් කඳුලු වැටෙන, හිත්වල වෛරය පිරෙන කතා දේශපාලන වේදිකාවල කිවුව.

ඇත්තටම ජවිපෙ මන්ත්‍රීවරුන් කෝටිපති ධනවතුන් වීම නෙවෙයි ප්‍රශ්නය එහෙම ධනවතුන් වෙලා යටකලිසමේ සිට සපත්තු දක්වා දානපතියන් විසින් පරිත්‍යාග කරන බව පැවසීම හා හාල්, පොල්,තුනපහ, එළවලු, තෙල් වියදම් ආදී තමන්ගේ සමස්ථ ජීවන ක්‍රමයම දුප්පත් පාක්ෂිකයන් මතින් ගත කිරීමයි. යන්තම් එදාවේල පිරිමහගන්න සමාජිකයගෙන් පවා ජවිපෙ ග්‍රාමීය කාඩර්වරු මුදල් එකතු කරා පක්ෂයේ හා පක්ෂ නායකයන්ගේ පැවැත්ම උදෙසා කියල.

මිනිස්සු හිතුව ඇත්තම වෙන්න ඇති බලන්න කෑම කන විදිහ, රැස්වීමට එන සරල විදිහ කියල. මන් කියන්නෙ මේ විදිහට මිනිස්සු රැවට්ටුව එක ඉතාම නින්දිත වැඩක්. මන් කියන්නෙ මේ කැත වැඩේ දැන්වත් නතර කරන්න. තමන්ගෙ ඇත්ත තත්ත්වය පෙන්වලා දේශපාලනය කරන්න. විශාල පක්ෂ අරමුදලක් තියනවා. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා මන්ත්‍රීවරුන්ගෙ වැටුප පක්ෂයට ගැනීම තුළ මසක් පාසා පක්ෂ අරමුදල ශක්තිමත් වෙනවා. ඉතින් තවත් රගපාන්න එපා. හොඳින් කාල බීල ජීවත් වෙන්න. මිනිස්සුන්ටත් නිදහසේ ජීවත්වෙන්න දෙන්න. සමාජ වෛරය වපුරන එක නතර කරන්න.”

කැකිරාවේ සුදස්සන හිමි…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *