ඉන්දියානු අගමැතිවරයෙකු සංචාරයට ඉතිහාසයේ ප්‍රථම වතාවට එරටින් හෙලිකොප්ටර්, වාහන සහ ආරක්ෂකයන් මෙදා මෙරටට රැගෙන ආ බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
පසුගිය සමයේ ඉන්දියාවට එරෙහිව සිදු කළ ප්‍රකාශ ටික youtube එකේ දුටුවහොත් ඕනෑම අයකුට බිය හිතෙන බවයි, ඔහු සඳහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු ව්‍යාප්තවාදය නම් මනස්ගාතයක් තාරුණ්‍යයට පෙවීම නිමා විශිෂ්ට ජීවිත 60 000ක් අහිමි වූයේ යැයි ද ඒ අහිංසක මිනිස්සු පව් යැයි ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.
සර්වජන බලය කළුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් දැනුම්වත් කිරීමේ හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.