ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කියමින් ඉන්දියාව කෙරෙහි වෛරයක් ඇති කර තරුණයින් 60 000ක් බිලි දීමට කලකට පෙර ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
කෙසේ වුව ද අද වන විට ඔවුන් එම ඉන්දියානු විරෝධය අතහැර දැමීම පිළිබඳ සතුටු වන බවයි, මනූෂ නානායක්කාර සඳහන් කළේ.
“අපේ රටේ ඉන්දීය විරෝධය සකස් කර තමයි, ජනතා විමුක්ති පෙරමුණ තරුණයෝ පාරට ගත්තේ. පන්ති පහක් හැදුවා. එයින් එකක් තමයි ඉන්දීය ව්‍යාප්තවාදය. ඉන්දියාවෙන් ආ සියලු දේට ගැහුවා. ඉන්දියාවත් සමඟ තිබුණේ පුදුම තරහක්. එයට තරුණයෝ යොමු කර ඒ හරහා දිගින් දිගටම ඉන්දියාවට වෛරයක් හැදුවා. එය අරගෙන තමයි දරුවෝ 60,000 ක් මැරුණේ.
දැන් නැවතත් ඉන්දියාවට ගිහින් එද්දි අමුල් එකට කැමැති වෙනවා. ඉන්දියාවට කැමති වෙනවා. නමුත් අපි ඒ දේවල්වලට කැමැතියි. අමුල් සමාගමට සහයෝගය දැක්වීම ගැන අපි කැමැතියි. ඒ අය අදානිලාගේ ව්‍යාපෘතින්ට සහයෝගය දෙනවට අපි කැමැතියි. මේ වැඩසටහන්වලට ජනතා විමුක්ති පෙරමුණෙ සහයෝගය දක්වන්නට ගත් තීරණය අපේ ලොකු ජයග්‍රහණයක්.
නැතිනම් මේ ආකාරයෙන් රට ඉදිරියට ගෙනයාමට තිබූ අවස්ථා ගොඩාක් ජනතා විමුක්ති පෙරමුණ වැළැක්වූවා. ගිවිසුම්ගතව ඉන්දියාවත් සමඟ කරන්න සූදානම් වූ ව්‍යාපෘති මේ අය නතර කළා. අඩුම තරමින් පුද්ගලික විශ්වවිද්‍යාලයක්වත් දාන්න දුන්නේ නැහැ. ඒ නිසා මෙය විශාල ජයග්‍රහණයක්. අපිට නැවත හරවන්න බැරි දේ වුණේ එයාලා විරුද්ධ වීම නිසා මියගිය 60,000 ක් වූ ජීවිතයි. නමුත් මේ වූ දේට අපි සතුටුයි. ඒ නිසා ඉක්මනින් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. එය ජනාධිපතිතුමාට ඔවුන් දීපූ සහයෝගයක්.”
සති අන්ත ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.