ජවිපෙ ආණ්ඩුවක් ආවොත් මාස හයෙන් බිම දානවා…! – උවිඳු විජේවීර…

August 9, 2024 at 12:19 pm | by emanisa.lk

මේ රට ගොඩනැඟීමට නම් ජාතිකවාදී කඳවුර සහ වාමවාදී කඳවුර එකතු වී කටයුතු කළ යුතු බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර පවසයි.

එසේ නොකළහොත් ඉදිරියේ දී ජවිපෙ මූලික වාමවාදී ආණ්ඩුවක් බිහි වුව ද මාස හයක් ඇතුළත එය ජාතිකවාදී කඳවුර ලවා බිම දැමීමට කටයුතු කරනු ඇති බවට හෙතෙම අනතුරු අඟවයි.

69 ලක්ෂයක ජනවරමකින් බිහි වූ පසුගිය ජාතිකවාදී ආණ්ඩුව වාමාංශික පෙරටුගාමී සහ ජවිපෙ මූලිකි වී බිඳ දැමූ ආකාරයෙනි.

එම ජාතිකවාදී කඳවුරට මේ අවස්ථාවේ දේශපාලන පක්ෂයක් නොමැති වුව ද පන්සල, භික්ෂූන් වහන්සේ සහ ගම පදනම් කරගෙන එම බලවේගය ගොඩනැගෙනු ඇති බව උවිඳු විජේවීර පෙන්වා දෙයි.

කෙසේ වුව ද අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ බලයට පත් ආකාරයට ම එම වාමවාදී ආණ්ඩු බිඳ දැමීම්වලින් අනතුරුව අන්ත ලිබරල්වාදී පාලනයක් ස්ථාපිත කිරීමට ද කලාපීය ලෝක දේශපාලන බලවතුන් කටයුතු කරන බව උවිඳු විජේවීර අවධාරණය කරයි.

මේ රටේ ප්‍රගතිය සඳහා කටයුතු කළ ආණ්ඩුව ජාතිකවාදී සහ වාමවාදී කණ්ඩායම්වල එකතුවක් බව ද අනාගතයේ දී ද කෙතරම් අපහසු වුව ද යා යුත්තේ ඒ මග බව ද ඔහු ප්‍රකාශ කරයි.

දෙවන පරපුර කැඳ වූ මාධ්‍ය හමුවක් අමතමින් උවිඳු විජේවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *