ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 39 දෙනකු වසර 13ක් පුරා විශ්‍රාම වැටුප් ලෙස විසිහතර කෝටි හැටතුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙන ඇතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පවසයි.
ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේ, පළාත් පාලන කල් දැමීම ඇතුළු කරුණු 4ක් වෙනුවෙන් පැවැති කල් තැබීමේ විවාදයට එකතු වෙමිනි.
“ලාල් කාන්ත බෝගම්බර රැස්වීමේ දි කියනවා සජිත් මහත්මයගේ අම්මගේ පැන්ෂන් එක කපන්න ඕන, මහින්ද මහත්මයගේ පැන්ෂන් එක කපන්න ඕන, මෛත්‍රීපාල මහත්මයගේ පැන්ෂන් එක කපන්න ඕන කියලා.
මම ලාල් කාන්ත මහත්මයගෙන් අහනවා අනුරාධපුරේ මිනිහෙක් විදියට කෙළින් කතා කරන්න. අර මාදිවෙල ගෙදරින් අයින් වෙලා කතා කරන්න. රෙදි ඇඳගෙන ද කතා කරන්නේ. ඩී 10 ගෙදරින් අයින් වෙලා පැන්ෂන් කපන්න අහන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි. ඒත් ඩී 10 ගෙදර ඉන්නවා. එයින් අයින් වෙලා කියනව නම් නම්බුකාරයි.
2004 වසරේ 43ක් පාර්ලිමේන්තුවට ආව. 39ක් හිටියා. රුපියල් 40000 ගානේ පැන්ෂන් එක ගන්නවා. එක මන්ත්‍රී කෙනෙක් මේ වන විට අරගෙන තිබෙනවා හැට දෙලක්ෂ හතළිස් දාහක්. එතකොට විසිහතර කොටි හැටතුන් ලක්ෂ හැට දහසක් මේ වන විට අවුරුදු 13ක් අරගෙන තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයගේ විශ්‍රාම වැටුප කපනව නම් අරවත් ගෙවන්න. සමන්ත විද්‍යාරත්න කියන්නේ මගේ 40,000 චෙක් එක ලියනවලු පැලවත්තේ කාර්යාලයට. එයාගේ නෝනා ඥානවතී අක්කා ටීචින් කරපු පඩියෙන් කොහොමද ළමයි ජීවත් කරවන්නේ. බදුල්ලේ කුලියට ඉන්නේ. කන්නේ බොන්නේ කොහොමද. මේවා ගෙවලා පිරිසිදු විදියට කතා කරන්න.”