ජවිපෙත් කළේ කොටි වගේ ම අපරාධ..! මිනි මරලා සොරි කියලා වැඩක් නෑ..! – අරුණ් සිද්ධාර්තන්…

September 16, 2023 at 12:45 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 සහ 1988-89 කාලයේ ඝාතනය කළ පිරිසගේ ලැයිස්තුවක් තිබේ දැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ අරුණ් සිද්ධාර්තන් ප්‍රශ්න කරයි.

හිරු නාළිකාවේ දේශපාලන වැඩසටහනකට එකතු වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ඔහු මේ බව විමසුවේය.

එලෙස ඝාතනය කළ එක පුද්ගලයෙකුට ජවිපෙ සත පහක වන්දියක් ලබා දී තිබේදැයි අරුණ් ප්‍රශ්න කළ අතර දකුණේ ජවිපෙ කළේ උතුරේ කොටි කළ විනාශය ම බව සඳහන් කළේය.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ආදර්ශයට ගත්තේ ද 1971 ජනා විමුක්ති පෙරමුණ දියත් කළ ත්‍රස්තවාදය බවයි, ඔහු ප්‍රකාශ කළේ. මිනිස් ඝාතන සිදුකර තක්කඩිකමට කනගාටුව ප්‍රකාශ කිරීම පලක් නොමැති බව සඳහන් කළ අරුණ් සිද්ධාර්තන් ගෙදර මිනියක් මරා සොරි යැයි කීම ප්‍රමාණවත් දැයි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *