60 පැන්න ජයයසිරිලා බේරිල්ලක් නෑ..! දර්ශන් ධර්මරාජ් ගෞරවණීයයි….! – අනෝමා ජනාදරී….

October 2, 2022 at 11:50 am | by emanisa.lk

හදිසියේ අභාවප්‍රාප්ත සම්මානනීය නළු දර්ශන් ධර්මරාජ් පිළිබඳ නිලි අනෝමා ජනාදරී තැබූ සටහනකි.

නිර්මාණ කිහිපයක අපි එකට රඟපෑවා. ඒ හැම එකකම පාහේ ලිංගික ජවනිකා තිබුණා. ලිංගිකත්වයට බර චරිත තිබුණා.රඟපෑමේ දී ඔහු පුදුම සහයෝගයක් ඵල කරන නළුවෙක්. සංවේදී නළුවෙක්.

සිංහල නළුවෝ එක්ක රඟපාලා ගෙදර යන අතරමග දී අයුතු ලිංගික යෝජනා එනවා. වයසට ගිය 60 පැනපු ජයසිරිලා වගේ නළුවොන්ගේනුත් බේරෙන්න බැහැ.

දර්ශන් අද වෙනතුරු තරුණ නළුවෙක් හැටියට ගෞරවණීය ලෙස මට සැලකුවේ. ඔහුට ඕන වුණා ඉන්දියාවේ ලයිසන් නළුවෙකු වෙලා ඉහළට යන්න. එහෙම අවස්ථා පවා ඔහුට ලැබුණා.ඒත් ඔහු අපේ ක්‍ෂේත්‍රයේ ඉන්න කැමති වුණා.

ඒ වගේ ම ඔහු ‘සුනාමි’චිත්‍රපටයේ රඟපෑමට සම්මානයක් ලැබේවි කියලා දැඩි විශ්වාසයකින් හිටියා…
වයස 41 ක් කියන්නේ මැරෙන්න ඕනේ වයසක් නෙවෙයි.

හැබැයි ඔහු ගංජා, අරක්කු, සිගරට් අසීමිත ලෙස බොන නළුවොන්ට පණිවුඩයක් දීලා තියෙනවා….

අනෝමා ජනාදරී

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *