ජපානය ලංකාවට උදව් නොකරන කතාව TNA අතේ රෝලක්…!

July 1, 2022 at 5:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ යැයි පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජපාන නියෝජ්‍ය තාතාපතිවරයා අවධාරණය කරයි.

මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කළ පුවතක් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

⁣ලංකාවට ආධාර ලෙස ලබා දෙන මුදල් වංචා කිරීමේ අවධානමක් පවතින නිසා ජපානය මෙම තීන්දුව ගෙන ඇතැයි දෙමළ සන්ධාන මන්ත්‍රීවරයකු උපුටා දක්වමින් ඊයේ අදාළ පුවත වාර්තා කර තිබිණි. එම පුවත ප්‍රතික්ෂේප කරමින් ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ ලිපියක් පහත දැක්වෙයි.

මේ අතර අද (01) හවස ජපන් තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී වර්තමාන අර්බුදය විසඳා ගැනීමට සහයෝගය ලබා දෙන බව අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *