එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට යන්නේ ආණ්ඩුවට උවමනා අය මිස විපක්ෂයට උවමනා අය නොවන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“එයාලා හැම එකටම චෝදනා කරනවා. ජනාධිපතිතුමා යන්න ගත්තා නම් කියයි, ඔන්න යන්න ගත්තා ඉවරයක් නෑ කියලා. අපි යවන්නේ අපට ඕන අය. විපක්ෂෙට ඕන අය නෙමෙයි. අපි වැඩ කරන්නේ අපට ඕන විදිහට. අපි වැඩ කරන්නේ අපේ ජනවරමට අනුව මිස විපක්ෂෙට ඕන විදිහට නෙමෙයි. ඒක අපි දිගටම පෙන්නලා තියෙනවා.
අපි යන්නේ අපේ ජනවරම සහ ඒ මත පදනම් වෙච්ච අපේ ක්‍රියාමාර්ග එක්ක. යන්නේ කවුද ඉන්නේ කවුද කියලා අපි බලා ගන්නම්. විපක්ෂේ තමන්ගේ වැඩක් බලාගන්න. යූඇන්පී එක කඩලා සජිත් එක්ක සජබ හැදුවේ රනිල් එක්ක දිනන්න බෑ කියලා නේ. ඒත් දැන් දිගටම පරදිනවා නෙ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනාධිපතිවරයා නොයෑම පිළිබඳ විපක්ෂය සිදුකළ විවේචන පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.