ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු දිස්ත්‍රික්ක විසිපහේම ජනාධිපති ලේකම් කාර්යාල ශාඛා නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එවිට ජනතාවට සිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට පැමිණ සිය ගැටලුවලට ජනාධිපති ලේකම් කාර්යාල ඔස්සේ කාර්යක්ෂම විසඳුම් ලබාගත හැකි බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
ඉතිහාසය පුරා සිය පියා ඇතුළු කිසිදු නායකයෙක් විපක්ෂයේ සිට වැඩ කර නොමැති බවත් තමන් විපක්ෂයේ සිට ම වැඩ කිරීම ආරම්භ කළ බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
පොළොන්නරුවේ පැවැති ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.