ජනාධිපති විවාදයට දිලිත් විතරයි… සෙස්සෝ ආ ගිය අතක් නෑ…!

September 7, 2024 at 7:20 pm | by emanisa.lk

මාර්තු 12 ව්‍යාපාරය මගින් සංවිධානය කළ 2024 ජනාධිපතිවරණ අපේක්ෂක පොදු වේදිකාව විවාදය අද පස්වරු 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

විවාදය සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් ආරාධනා ලැබ තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සහභාගී විය නොහැකි බව ලිඛිතව දන්වා ඇති අතර අනුර දිසානායක එවැනි ලිඛිත දැනුම් දීමක් සිදු කොට නොතිබුණු අතර පැමිණීම අපහසු බව වාචිකව පවසා තිබිණි. නාමල් රාජපක්ෂ දන්වා තිබුණේ සජිත් ප්‍රේමදාස සහභාගී වන්නේ නම් තමන් ඕනෑම වෙලාවක විවාදය සමග එකතු වන බවයි.

මෙම විවාදය සංවිධානය කොට තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂයින්ට තම අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කිරීම සඳහාත් ජනතාවට සුදුසු අපේක්ෂකයෙකු තෝරාගැනීම පහසු කිරීමත් සඳහාය.

කෙසේ වුව ද සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හැර කිසිදු අපේක්ෂකයකු මෙම අවස්ථාවට එකතු නොවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *