ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව 2022 ජනවාරි මස 31 වනදා සිට තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු සිය ලිපියෙන් අවසර ඉල්ලා ඇති බව සඳහන් ය.
පී.බී. ජයසුන්දරට කැබිනට් අමාත්‍යවරුන් වෙතින් කලක් තිස්සේම දැඩි විවේචන එල්ල වූ අතර පසුගිය මාසය වන විට එය ඉතාමත්ම උග්‍ර මට්ටමකට පැමිණ තිබිණි.
ගතවූ වසර දෙකක කාලය තුළ අවස්ථා ගණනාවක දී ඔහු තනතුරින් ඉවත් කෙරෙනු ඇති බවට හෝ ඉල්ලා අස්වෙනු ඇති බවට ආරංචි පැතිර ගිය ද ඒ එකක්වත් සත්‍යය වූයේ නැත.