ජනාධිපති අනුර දිසානායක රුවන්වැලිසෑය වෙත ගිය අවස්ථාවේ පාවහන් පැළඳ සිටි බවට පළවන වාර්තා අසත්ය බව සුදත්ත තිලකසිරි පවසයි.
මාධ්ය ඔස්සේ පළවන වාර්තා විවේචනය කරමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සපත්තු පැළඳ සිටි බවට කරන ප්රචාරය සම්බන්ධයෙන් නිවැරදිව සොයා බැලිය යුතු බවද ප්රකාශ කරයි.
“මේස් එකක්ද සපත්තුවක්ද කියන එකවත් හඳුනාගන්න බැරිද? යනුවෙන් ප්රශ්න කළ සුදත්ත තිලකසිරි, අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් ද සිය අදහස් ඉදිරිපත් කළේය.
රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවන් සුදු මේස් පැළඳ ගමන් කළ ආකාරයත්, තමන් මීට පෙර එම ප්රදේශවල සංචාරය කළ අවස්ථාවක දුටු බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.
එමෙන්ම රට ධර්මානුකූලව පාලනය කරන අවස්ථාවක එයට අපහාස කරන පුද්ගලයන්ට ඉදිරියේදී ස්වභාව ධර්මයෙන්ම දඬුවම් හිමිවනු ඇති බවද ඔහු ප්රකාශ කළේය.