ජනාධිපති මන්දිරය වටලන්න ආ හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට…!

July 6, 2022 at 12:48 pm | by emanisa.lk

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇය සමග කාන්තාවන් ඇතුළු පිරිසක් අද (07) පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි.

ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට මෙම පිරිස උත්සාහ කළ ද ඒ සඳහා අවස්ථාව නොලැබිණි.

අනතුරුව හිරුණිකා දොරටුව ඉදිරියෙහි බිම වාඩි වී ජනාධිපතිවරයාට සහ ආරක්ෂක අංශවලට පරුෂ වචනයෙන් බැණ වදිනු දැකගත හැකි විය.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ අවස්ථාව සජීවීව ලබා දෙමින් ජනාධිපති මන්දිරය වැටලීමට පැමිණෙන ලෙස හිරුණිකා ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා මන්දිරයෙන් එළියට ඇද නොදමා නැවත නොයන බව ද අවධාරණය කළාය.

ඒ අනුව පැමිණි පිරිස ද ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර පළවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *