මම කවදාවත් මුහුණු පොතේ මෙවගේ සටහනක් දාලා නෑ. ඒත් මේ කාරණාව ලියන්න හිතුනේ මගේ මුහුණු පොතේ මිතුරු මිතුරින්ට අපි මොනතරම් බොලඳ නායකයෙක්ට රට බාර දීලා තියෙන්නේ කියලා කියන්න. මේ දැන් පැය හතරකට කලින් වාගේ මට කෝල් එකක් ආවා රාජ්‍ය නාලිකාවකින්. හෙට උදේ වැඩසටහනකට මට එන්න කියලා තිබ්බේ. කතා කලේ මා හොදින් හඳුනන සහෝදරයෙක්.
‘ නංගි හෙට වැඩසටහනේදී ජනාධිපතිතුමාට මුකුත් කියන්න එපා. දන්නවනේ ප්‍රශ්නයක් වෙයි අපිට..’
” අය්යො අයියේ මං එන්නෙම පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න. එයා ගැන ඇත්ත කියන්න වෙනවානේ’
‘ ඔව් නංගි මට තේරේනවා. ඒත් මේ වෙලාවේ ශේප් එකේ කතා කරමු. චැනල් එක පවරගත්තොත් අපි ඔක්කොම ඉවරයි. ඒ වගේ පිස්සුනේ කෙලින්නේ. දන්නවනේ. ඔක්කොම චැනල් unp එකට ගහනවා. මේක විතරයි ඕගොල්ලන්ට තියෙන්නේ development නිව්ස් හරි පෙන්නන්න. අන්තිමට ඒකත් නැතිවෙයි.’
‘ආ හරි එහෙනම් announcer ට කියන්න ඒ ප්‍රශ්න අහන්න එපා කියලා.’
ඒ සංවාදය ඒ විදිහට අවසන් උනා. හරියටම ඊට මිනිත්තු කීපයකට පසුව තව කෝල් එකක් ආවා. තවත් එම ආයතනයේ වැඩ කරන මා හිතවත් සහෝදරයෙක්.
‘නංගි ලොක්කා (ජනාධිපතිතුමා) කතා කරලා ඇහුවා හෙට හිරුණිකාව ගෙන්නන්නේ කාගේ කීමටද? එයාව ගෙන්නලා මට ගහන්න හදන්නේ නේද? හෙට එයාව ගෙන්නලා තිබ්බොත් මං ඕකට (ආයතනයට) කරන දේ බලාගන්නකෝ කියලා. හෙට programme එක කරන්න වෙන්නේ නෑ නංගි.’
‘අයියෝ කමක් නෑ අයියේ, මට නං සතුටුයි මං වගේ පොඩි කෙල්ලෙක්ට එතුමා බය වෙලානේ.’
ඇත්තටම මට නං පුදුමයි. රටේ නායකයා නාලිකා ප්‍රධානින්ට කෝල් කරලා කියනවා අරයා ගේන්න එපා මෙයා ගේන්න එපා කියලා. ගිය ආණ්ඩුවේ ලොක්කෝ ඔහොම කලා කියලා 2015 මෛත්‍රීපාල පොදු අපේක්ෂකයාමයි ස්ටේජ් ගානේ කිය කිය ගියේ. අද එතුමා කරන්නෙත් ඒකමයි.
ඔක්තෝබර් 26 ජනාධිපතිතුමා කලේ කැත වැඩක්, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කරන්නේ නැති වැඩක්. ඒ දින 52 ඇතුළත එතුමා හැසුරුනු විදිය, කියපු පරස්පර කතා, විශේෂයෙන් එක බොරුවක් වහගන්න බොරු 100 ක් කියපුවා ඇහුවම දැක්කම එතුමා ගැන යම්කිසි ගෞරවයක් තිබ්බ නං ඒක නැතිවුනා. එතුමා ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පුද්ගලයෙක් කියලා හොඳටම තේරුනේ රනිල් ආවොත් පැයක්වත් ඉන්නේ නෑ කියලා අනික්අතට හිනාවෙලා ආයේ අගමැතිකම දුන්නම.
පසුගිය මාස කීපයේ මගේ පාර්ලිමේන්තු කතා හැම එකකම වගේ මං ජනාධිපතිතුමාට දොස් කිව්වා. කාටවත් මං ඒ කියපු දේවල්වලට මුකුත් කියන්න බැරි මං බොරු මඩ නෙවෙයි ගැහුවේ. මං හැමෝටම තේරේන විදියට සරලව ඇත්ත කිව්වේ. ඒ නිසා තමයි මං ජනාධිපතිතුමා ගැන මොනා හරි කිව්ව ගමන් ජනාධිපතිතුමාගේ social media කරන පොඩි එවුන් ටික මොකක් හරි බොලඳ ගොන් පෝස්ට් එකක් හදලා මට මොකක් හරි මඩක් ගහන්නේ. ඒකට කමක් නෑ ඒගොල්ලෝ කරන්නේ ජොබ් එක. ගන්න පඩියට මොකක් හරි කරන්නත් එපැයි.
කෙසේහෝ වේවා දවසක් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ හිතවත්ම ඇමති කෙනෙක් මගෙන් ඇහුවා ‘ඇයි හිරුණිකා ඔච්චර ජනාධිපතිතුමාට දොස් කියන්නේ. යං මාත් එක්ක සර්ව හම්බවෙමු. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නං කතාකරමු සර් එක්ක.’කියලා ‘ මං කිව්වා ඇමතිතුමා මට HE එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ තියෙන්නේ රටේ අනික් හැමෝටම තියෙන ප්‍රශ්නෙ. ඔයා පිලිගන්නවද ව්‍යවස්ථාව කඩපු එක, හිතුන ගමන් PM වෙනස් කරපු එක හරිද? ඉතිහාසයේ මොන ජනාධිපතිවත් මෙහෙම වැඩ කරලා තියෙනවද? ඔය මනුස්සයා ජනාධිපති කරන්න මමත් රට වටේ ස්ටේජ් එකක් ස්ටේජ් එකක් ගානේ උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවා. අද ඒ ඔක්කොම කතා එයාම බොරු කරලා තියෙනවා. අපියි බිම් මට්ටමෙ මිනිස්සු එක්ක හැමදාම ඉන්නේ. ඒ මිනිස්සු අහන ප්‍රශ්න වලට අපිට උත්තර නෑ. එයා එනවද මිනිස්සුට උත්තර දෙන්න.’
‘හරි මං ඔයා කියන දේ පිලිගන්නව. එතුමා හිතන් ඉන්නේ ඔයාව කවුරුහරි මෙහෙයවනවා කියලා. අගමැතිතුමාගේ උවමනාවට ඔයා මෙවා කියනවා කියලා’
මට හිනාවක් ගියා
‘ ඇමතිතුමා ඔයා ගිහින් ජනාධිපතිතුමාට කියන්න ඔය හීනමානේ නිසා තමයි එතුමා මුල ඉඳලම වරද්ද ගත්තේ. අගමැති අනික් අය එක්ක මං ගැන මොනාද කිව්වේ. අගමැති එක්ක අහවල් ඇමති මොනාද කියලා තියෙන්නේ. අගමැති අරලියගහ මන්දිරයේ ඉඳන් මාව වට්ටන්න ගහන ප්ලෑන් මොනාද? කවුරුහරි කියන කේලමක් රස කර කර අහගෙන ඉඳලා තමුන් තනියම ඔලුවේ කතාවක් හදාගෙන හිතනවා වටේ ඉන්න හැමෝම එයාට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා කියලා. මුල ඉඳන් කේලම් ඕපදූප අහන්නෙ නැතුව කෙලින් වැඩකලා නම් අපිට එපා වෙන්නෙත් නෑ රටට එපා වෙන්නෙත් නෑ
PM එක්ක මේ අවුරුද්දු ගානට මම කතා කරලා ඇත්තේ 10 , 12 වතාවක් වගේ. මට එතුමා එක්ක විශේෂ යාලු කමක් නෑ. එතුමා ඕන කෙනෙක් එක්ක විනාඩි 2 වඩා කතා කරන්නේ නෑ. ඒ එයාගේ හැටි. වැඩි වෙලා රැඳී රැඳී කියව කියව ඉන්නවට කැමති නෑ. වැඩක් කතා කරගන්න ආවොත් ඒක කතා කරලා ඉවර උනාම යන්න කියනවා. වෙන ඒවා කියවන්න ගියොත් කෙලින්ම කියනවා දැන් ආපු වැඩේ කතා කරන්න අනවශ්‍ය ඒවා නැතුව කියලා. කොටින්ම දින 52 දී අපි අරලියගහ මන්දිරයේ නැවතිලා ඉන්නකොට අපේ එක මන්ත්‍රී කෙනෙක් ජනාධිපතිතුමාට හොඳටම බැන බැන ඉන්කොට pm එතනට ආවා. අර මන්ත්‍රී දැක්කේ නෑ සර් එනවා. සර් එතකොටත් කිව්වේ කොච්චර බැන්නත් එයා කරපු දේ වෙනස් වෙන්නෙ නෑ. ඒ නිසා එයාට දොස් කියන එක නෙවෙයි දැන් කරන්න ඕනේ. අපි කොහොමද මෙතනින් ඉස්සරහට අඩියක් තියෙන්නේ කියලා බලමු කියලා.
ඒ නිසා ඇමතිතුමා ජනාධිපතිතුමාට කියන්න සැකය කියන දේ හිතේ තියාගෙන රටක් පාලනය කරන්න බෑ. ඔය ලෙඩේට කියන්නේ narcissism කියලා.’
මං එහෙම කියලා කතාව නැවැත්තුවා.
මට මතක ඇති කාලය තුලදී ජනාධිපති ධූරය හෙබවූ බොලඳම ආසාර්ථකම නායකයා ඔහුයි. ඇත්තටම අපරාදේ නෙල්සන් මැන්ඩෙලා හා සමානව ධූරයෙන් ගෞරවාන්විතව සමුගන්න තිබ්බ පුද්ගලයා තව මාස කීපයකින් සමුගන්නේ රජවාසලේ කවටයා ‘ අන්දරේ’ වෙලා…
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවෙනි…