විපක්ෂයේ සිටිය දී ආණ්ඩුවට විසිල් විතරයි බල්ටි නෑ කී ජනාධිපති අනුර දිසානායකගේ කතාව ඇසූ විට දැන් විසිල් සහ බල්ටි දෙකම නැතැයි පෙනෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී චාචර සම්පත් අමරසූරිය පවසයි.
ජනාධිපතිවරයා නංගි පෙන්වා අක්කා දුන්නා සේ උපයන විට බද්ද 150 000ට නංවා රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ට නංවා ඇති බවයි, ඔහු සඳහන් කළේ.
වාහන ආනයනය හොඳ වුවත් දැනට රු. 280ක පමණ පවතින ඩොලරය ඒ සමග රු. 330ට පමණ යාමේ අවදානමක් ඇති බවත් එසේ වුවහොත් නැවත අර්බුදයක් ඇති විය හැකි බවත් චාමර සම්පත් අමරසූරිය ප්රකාශ කරයි.
වර්තමාන ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව පොතට කලින් පිටකවරය බැලූ බව ද මන්ත්රීවරයා පෙන්වා දෙයි. ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.