ගෑස් විදුලිය ඉන්ධන නොමැති වීම නිසා හටගත් ආර්ථික අර්බුදයට විසඳුම් ලබා නොදීම නිසා එය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
මෙම සටනෙහි එක් අරමුණක් ජනාධිපතිවරයා ගෙදර යැවීම වන අතර අනෙක ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීම බවයි, ඔහු පෙන්වා දුන්නේ අද (07) පාර්ලිමේන්තුව අමතමිනි.
ඒ සඳහා මෙතෙක් පාර්ලිමේන්තුව කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ කොන්දේසියට යටත්ව විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
එහි දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ විපක්ෂයේ උගුල්වලට වැටෙන්නට ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස් නොවන බවත් අභියෝගයට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් ය.