ජනාධිපතිවරණ වැයබර සටනේ ජය සජිත්ට…!

October 25, 2024 at 8:54 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිම මුදලක් වැය කර ඇත්තේ සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 112කි.

දෙවනුව වැය කර ඇත්තේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 99කි( රුපියල් 990,327,687.16).
තෙවනුව වැය කර ඇත්තේ ජාතික ජන බලවේග පක්ෂයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 52කි( රුපියල් 527,999,889.38).

සිව්වෙනුව වැය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කළ නාමල් රාජපක්ෂ මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 38කි(රුපියල් 388 ,939,085.00).

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල ලෙස රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයකි. (රුපියල් 1,868,298,586කි.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *