විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක විවාද කරන ආකාරය ගැන මාසයක් විවාද කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එහෙත් අවසානයේ විපක්ෂ නායකවරයා විවාදයට නොපැමිණි අතර අනුර දිසානායක පාළු ගෙයි වළං බින්ද බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එහි දී වුව ද වර්තමාන ආර්ථික ක්‍රමවේදයට කිසිදු විකල්පයක් ඉදිරිපත් නොවූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය කළ යුත්තේ රට පරදනවා ද නැද්ද යන්න බවත් වර්තමාන ක්‍රමවේදය කඩාකප්පල් වුවහොත් නැවතත් ඖෂධ ඉන්ධන ගෑස් නොමැතිව රට පෝලීම් යුගයකට තල්ලු වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.