ජනාධිපතිවරණේ දී මහින්ද කියන කෙනෙකුට සහය දෙනවා…! – පවිත්‍රා…

May 8, 2024 at 7:55 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂයේ අපේක්ෂකයා පක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පවරා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

අපේක්ෂකයා තෝරා ගැනීමේ බලය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම බලය මහින්ද රාජපක්ෂ වෙත පවරා ඇති බවයි, ඇය ප්‍රකාශ කළේ.

එහෙයින් මහින්ද රාජපක්ෂ විසින් නම් කරන අපේක්ෂකයාට තමන් සහයෝගය ලබා දෙන බව ද පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.

අද (08) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජිත හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *