මැතිවරණ ක්රමය සංශෝධනය කොට ජනාධිපතිවරණය අහෝසි කිරීමේ සැලසුමක් ඇති බව දැන ගන්නට ඇතැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඔස්සේ තෝරා ගැනීමට කටයුතු කිරීම මෙම සංශෝධනයේ අරමුණ බවයි.
ඉන්දියාවේ මෙන් නාමික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට එම ක්රමය සුදුසු වුව ද විධායක ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට එය එතරම් උචිත නොවන බවයි, ඔහු ප්රකාශ කළේ.
එසේ වුවහොත් කිසියම් ආකාරයකින් මන්ත්රීවරුන් 100-110ක් කොටුකර ගත හැකි පාර්ශ්වයක් අතට රටේ විධායක ජනාධිපති තේරීමේ බලය යනු ඇතැයි ද මෛත්රීපාල සිරිසේන වැඩි දුරටත් පෙන්වා දෙයි.