ජනාධිපතිවරණයට මම එන්නේ නෑ..! පොහොට්ටුවෙන් කීප දෙනෙක් සූදානම්..!

January 5, 2024 at 12:33 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට සූදානම් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එම ධූරයට තරග කිරීමට තමා ඉදිරිපත් නොවන බව ද ඊට ඉදිරිපත් කිරීමට තම පක්ෂයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු ම සිටින බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

වැට් බදු අඩු කළ නිසා තමාට ප්‍රශ්න ඇති වූ බව ද එම නිසා වැට් වැඩි කිරීම පිළිබඳව තමාට අදහස් ප්‍රකාශ කිරීමට අපහසු යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි සියලු ම මැතිවරණ සඳහා තම පක්ෂය සූදානම් යැයි ද පාර්ලිමේන්තුව විසිරුවා මහා මැතිවරණයකට යනවා නම් තම පක්ෂය ඊට ද සූදානම් යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (04) පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *