ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙක්…!

July 22, 2024 at 4:23 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් එකඟතාවකට පැමිණ තිබේ.

මෙලෙස ගිවිසුමට එළැඹි පාර්ශ්ව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්ගේ නායකත්වය දරන ටෙලෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරන ප්ලොට්, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වය දරන දෙමළ ජනතා සන්ධානය, නීතීඥ එන්. ශ්‍රී කාන්තගේ නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වය දරන ඊ.පී.ආර්.එල්.එෆ්. ඇතුළු පක්ෂ සහ කණ්ඩායම් හතකි.

දෙමළ සිවිල් සංවිධාන කිහිපයකින් සමන්විත දෙමළ ජනතා මහා සභාව ද ගිවිසුමට අත්සන් තබා ඇත. මෙම ගිවිසුමට අත්සන් තැබීම යාපනයේදී අද සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *