ජනාධිපතිවරණයට උතුරින් වෙනම අපේක්ෂකයෙක්…! දකුණ සමග යළි සන්ධාන නෑ…!

October 21, 2023 at 2:04 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු – නැගෙනහිර පළාත්වලින් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණ තුනේ දී සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස වෙත තමන් සහය පළ කළ ද ඉදිරි ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදීමට ඔවුන් දැනටමත් තීරණය කර තිබේ.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරා ගැනීමේදී ඡන්ද පදනම පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වන බව මේ පිළිබඳ පැවති සාකච්ඡාවේදී අවධාරණය වී ඇති බව ද වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ සමග සෙසු සුළු පක්ෂවල සහය ද ලබා ගැනීමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා එක්ව නැගෙනහිර පළාතේ මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු නම් කිරීමේ සූදානමක් පවතින බවට ද තොරතුරු වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *