ජනාධිපතියි ආණ්ඩුවයි රටටම විහිළුවක් වෙලා…! – සජිත්…

November 4, 2024 at 2:06 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටට ම විහිළු සපයමින් ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරණ වේදිකාවේ පාස්පෝර්ට් පෝලිම අඩු කරන බවට වහසි බස් දෙඩුව ද දැන් පෝලිම තවත් වැඩි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

වැට් ඇතුළු සියලු බදු අඩු කරන බව ප්‍රකාශ කළ ද දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ආණ්ඩුව දණගැසූ බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

අවිස්සාවේල්ල ප්‍රෙද්ශයේ පැවැති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *